LTTEය තවත් පස් වසරකට තහනම් කිරීමට ගත් තීරණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය සභාව තහවුරු කරයි

12

එල්.ටී.ටී.ඊ සංවිධානය තවත් වසර පහක් සඳහා තහනම් කිරීමට ගත් තීරණය ඉන්දිය රජය විසින් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාව තහවුරු කර තිබෙනවා.
ඉන්දිය වාර්තා සඳහන් කළේ ඒ පිළිබඳව මේ වනවිටත් ඉන්දීය රජය දැනුවත් කර ඇති බවයි.
1991 වසරේදි හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතන සිද්ධියෙන් පසුව ඉන්දියාව එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කළා.
ඉන් අනතුරුවයි එම තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ.
එය තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉන්දීය රජය පත් කළ විනිශ්චය සභාව පාර්ශව රැසකින් කරුණු විමසා තිබෙනවා.

Your Comments