COVID-19 : මරණ 8282

69

ලොව පුරා පුද්ගලයින් 208,,034 දෙනෙකු ට නවකොරෝනා වෛරසය වැළදී තිබෙනවා.

වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 282ක්.

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ යුරෝපයයි.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉතාලිය තුළ මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද මේ වන විට 2500 ඉක්මවා තිබෙනවා.

එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 31,506ක්.

ස්පාඥ්ඥයේ ආසාදිතයින් 13,910 දෙනෙකු වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 623ක්.

අද පෙරවරුවෙන් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ චීනයෙන් කෝරෝනා වෛරසය ආසාදනය වූවන් 13 දෙනෙකු හඳුනා ගෙන තිබූ අතර, පුද්ගල මරණ 11ක් සිදුව ඇති බව සඳහන්.

එරටින් හමුව ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80,906ක්.

මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3,237ක්.

ආසාදිතයින් අතරින් පුද්ගලයින් 69,653 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Your Comments