මැලේසියාව සති දෙකකට ලොක් ඩවුන්

9

දින 14 ක කාලයක් රට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා.

 

කොරෝනා වෛරස ව්‍යාප්තියේ සීග්‍ර ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් සහ තවත් ප්‍රාන්ත 5 ක් වසා දමන බවයි මැලේසියානු අග්‍රාමාත්‍ය මුහායිදින් යසින් ප්‍රකාශ කලේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට අදාළ ප්‍රදේශවල සියළු සමාජ ක්‍රියාකාරකම් තහනම් වනවා.

කර්මාන්ත ශාලා, ඉදිකිරීම්, වෙළද හා බෙදාහැරීම්, වැවිලි යන අංශවල අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු අඩු ධාරිතාවකින් යුතුව සිදුකර ගෙන යාමටයි අවසර ලබාදී ඇත්තේ.

කොරෝනා වෛසරයේ මුල් අවධිය වූ ඉකුත් මාර්තු මාසයේද මැලේසියාව දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කළා.

එම කාලවකවානුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩු වූ නමුත් ඉකුත් සැප්තැම්බරයේ සිට දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන යළි ඉහළ ගියා.

මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 38,224 ක්.
කොරෝනා මරණ 555 ක් එරටින් වාර්තා වී තිබෙනවා.

Your Comments