70 වන ජාතික දින සැමරුමේදී චීනයෙන් නව මිසයිලයක් හඳුන්වා දෙයි

34

70 වන ජාතික දින සැමරුම් උළෙලේ දී චීනය නව මිසයිලයක් හදුන්වා දී තිබෙනවා.
එය ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කළ බවටයි මත පළ කෙරෙන්නේ.
පෙළපාලිය සදහා අධිතාක්ෂණික නිපැයුම් රැසක් එක් කර තිබෙනවා.
1949 වසරේ ඔක්තෝබර් පළමුවනදා මාවෝ සේතුන්ගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් මහජන චීන සමූහාණ්ඩුව බිහි වුණා.
ඉන් පසු බිහි වූ ප්‍රබලතම නායකයා ලෙස සැළකෙන්නේ වර්තමාන ජනාධිපති ෂී ජින් පින්.
මේ අතර හොංකොං දේශයේද චීන ජාතික දිනය සැමරීම සදහා උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

Your Comments