70 වන ඉන්දීය ජන රජ දිනය

41

70 වන ඉන්දීය ජන රජ දිනය නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ අද පැවැත්වුණා.

සුප්‍රකට ඉන්දියා ගේට් හිදී රණවිරු ස්මාරකයට මල් කළඹක් පුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කළ ජන රජ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහභාගි වූවා.

ඉන්දියාවේ සියළු ප්‍රාන්තවල සහභාගීත්වයෙන් විනාඩි 90ක් පුරා පැවැත්වුණු සමරු පෙළපාලිය සඳහා සාම්ප්‍රදායික සංස්කෘතික අංග ද ඇතුළත්.

ආරක්ෂාව සඳහා නවදිල්ලියේ 25,000ක පොලිස් භට පිරිසක් යොදවා තිබෙනවා.

Your Comments