6.1ක භූ කම්පනයක්

50

තායිවානයට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

Hualien වෙරළ කලාපයේ හටගත් ඒකක 6.1ක ප්‍රබලතාවකින් යුත් කම්පනය තායිපේ අගනුවරට ද බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Hualien ප්‍රදේශයේ කිලෝමීටර 19ක් පමණ ගැඹුරින් කම්පනය හටගෙන තිබුනා.

තත්පර 33ක් පමණ කම්පනය වාර්තා වී තිබෙනවා.

මෙම කම්පනය පසුගිය වසර කිහිපයටම බලපෑ දරුණුතම කම්පනයයි.

භූ කම්පනයෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් දෙදෙනෙකු මැලේසියානු සංචාරකයන් බවත් සඳහන්.

ඉන් එක් කාන්තාවක් බරපතල තත්වයේ පසුවන්නේ හිස සහ පාද ගල්වල ගැටීමෙන්.

මෙම සංචාරකයන් තුවාල ලබා ඇත්තේ Taroko National Park හිදී.

භූ කම්පනයත් සමග ගල් පෙරලීමෙන් ඔවුන් තුවාල ලැබුවා.

Yilan සහ Hualien යාකෙරෙන අධිවේගී මාර්ගය වසා දැමුණු බව බලධාරීන් නිවේදනය කළා.

ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවද වාර්තා වුනා.

Your Comments