5.9ක භූ කම්පනයක් – පසු කම්පන 40ක්

14

ඉරානයේ වයඹ දිග ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය ඒකක 5.8ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

කම්පනයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 300 දෙනෙකු තුවාල ලබා තිබුණා.

කුඩා ගම්මාන 3ක් ද භූ කම්පනය හේතුවෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසු කම්පන 40ක් ද වාර්තා වූ බවයි එරට ආපදා කළමණාකරන ආයතනය පැවසුවේ.

Your Comments