මෝදිගේ විශිෂ්ඨ ජයග්‍රහණයට ලෝක නායකයන්ගේ සුබ පැතුම්

23

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගත් භාරතිය ජනතා පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනතාවට ස්තූතිය පළ කර තිබෙනවා.

සියලු දෙනාට නව ඉන්දියාවක් අවශ්‍යව ඇති බවයි නරේන්ද්‍ර මෝදී සඳහන් කර ඇත්තේ

භාරතිය ජනතා පක්ෂය මෙවර ඉන්දීය මහ මැතිවරණයෙන් ආසන 300කට අධික ප්‍රමාණයක් ජය ගෙන ඇති අතර ඔවුන්ගේ සන්ධානය ආසන 350කට ආසන්න ප්‍රමාණයක් ජය ගත්තා.

ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ජය ගෙන ඇත්තේ ආසන 60ක පමණ ප්‍රමාණයක්.

මේ අතර නරේන්ද්‍ර මෝදේ ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපති සහ අගමති,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, චීන ජනාධිපති ෂී ජිං පින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමින් නෙතන්යාහු ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබෙනවා.

මේ අතර කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකා Smriti Irani හමුවේ පරාජයට පත්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා උත්තර් ප්‍රදේශයේ අමෙති ආසනය සදහා තරඟ වැදුනා.

භාරතීය ජනතා පක්ෂයේ Smriti Irani, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාලා නාටකයක් වූ මහගෙදර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ තුල්සි විරානිගේ චරිතය රඟපෑවා.

පසුව දේශපාලනයට පිවිසි ඈ මෝදි රජයේ ප්‍රබල අමාත්‍යවරියක් වූවා.

2004 වසරේ සිට මෙම ආසනය ජයග්‍රහණය කල රාහුල් ගාන්ධි Smriti Irani හමුවේ පරාජයට පත්වීම කොන්ග්‍රස් පක්ෂය මුහුණදෙන බරපතළ ඛේදවාචකයක් බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් දක්වා ඇත්තේ.

 

Your Comments