ඇල්ජිරියාවේ ජනපති ඉල්ලා අස්වෙයි

25

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට සිය ධුරයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන්.
මොහුට මෙම ධුරයෙන් ඉවත් වන ලෙසට එරට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අහමඩ් ගයිඞ් සාලා දැනුම් දී තිබුණා.
ජනාධිපතිවරයාට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූයේ 5 වන වතාවටත් ජනාධිපති ධුරය සඳහා තරඟ වැදීමට ඔහු සූදානම් වීමත් සමඟයි.

Your Comments