ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම: නවසීලන්තයේ ගිනිඅවි නීතිය සංශෝධනයට පියවර

81

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලැබූවා.

සැකකරු සන්තකයේ ගිනි අවි 5ක් තිබී ඇති අතර එම ගිනිඅවි භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ද ඇති බව වාර්තා වූවා.

මෙම සිදුවීමෙන් පසු නවසීලන්තයේ ගිනිඅවි නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පවසා තිබෙනවා.

ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් පසු නවසීලන්තයේ සියලු දේවස්ථාන වසා දැමීමට කටයුතු කළා.

මේ අතර, මිය ගිය පුද්ගලයින් 49 දෙනා අතරින් වැඩි පිරිසක් බංග්ලාදේශ, ඉන්දිය සහ ඉන්දුනීසියානු පුරවැසියන්.


Your Comments