ෆේස්බුක් සමාගමේ ඉන්දියානු ප්‍රජා ප්‍රතිපත්ති නිලධාරීනිය ඉවතට

14

ෆේස්බුක් සමාගමේ ඉන්දියානු ප්‍රජා ප්‍රතිපත්ති නිලධාරීනි අන්කහී ඩාස් එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුස්ලිම් විරෝධි ද්වේශ සහගත ප්‍රකාශන ඉවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු පුවත්පතක් සිදුකළ හෙළිකිරීමකින් අනතුරුවයි ෆේස්බුක් සමාගම එම පියවර ගෙන ඇත්තේ.

හින්දු ජාතිවාදීන් විසින් පලකර තිබූ එම ප්‍රකාශන මගින් ෆේස්බුක් සමාගමේ ප්‍රජා ප්‍රතිපත්තීන් උල්ලංගණය වී ඇති බව එම පුවත්පත පෙන්වා දී තිබුණා.

ලොව පුරා ප්‍රජා අයිතීන් සුරකීමේ සංවිධාන 40 කට වැඩි සංඛ්‍යාවක් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකබර්ග් ට පසුගිය සැප්තැම්බර් මාසයේ පැමිණිලි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ මුස්ලිම් විරෝධි ප්‍රකාශන හමුවේ ඩාස් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවයි.

Your Comments