හොංකොංහි පාසල් වසා දමයි

20

ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් විරෝධතාකරුවන් සිදුකරන උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං නගරයේ සියලුම පාසල් වසා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ආරක්ෂක සහ ප්‍රවාහන පද්ධතීන් බිඳ වැටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
විරෝධතාකරුවන් හොංකොං හි ප්‍රධාන නගරයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානවලට ද කඩා වැදී අලාභ හානි සිදුකර ඇති අතර, මාස 5 ක් තුළ ඇති වූ විරෝධතා අතරින් දරුණුතම තත්ත්වය ද මෙය වනවා.

Your Comments