හිටපු ජනපති යමීන් ට වසර පහක සිර දඬුවම්

19

මාලදිවයිනේ හිටපු ජනාධිපති 60 හැවිරිදි අබ්දුල්ලා යාමීන්ට (Abdullah Yameen Abdul Gayyoom) වසර 5 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ වරදකරුවක් වීම හේතුවෙන්.

සිරදඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කෙරුණේ මාලදිවයින් අපරාධ අධිකරණය විසින්.

පුද්ගලික වාසි තකා රාජ්‍ය මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාව මත යමීන් වැරදිකරු බව පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලේ ඒකමතිකව තීරණයයි.

හිටපු ජනපතිගේ ධුර කාලය තුළ රාජ්‍ය සමාගමක් වූ මාලදිවයිනේ අලෙවිකරණ හා මහජන සම්බන්ධතා සංස්ථාව ((MMPRC – Marketing and Public Relations Corporation ) මගින් පුද්ගලික සමාගමක් වන සෝෆ් (SoF) ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙනුයි යමීන්ට චෝදනා එල්ල වූයේ.

2013 සිට 2018 දක්වා යමීන් එරට නායකත්වය හෙබ වූයේ 6වන ජනාධිපතිවරයා ලෙසයි.

එම කාලය තුළ ඔහුට දූෂණ චෝදනා, මාධ්‍ය අවුල් කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන්ට පීඩා කිරීම යන චෝදනා එල්ල වූවා.

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වූයේ වත්මන් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ්ටයි.

 

Your Comments