හිටපු ජනපති ඔබාමාගෙන් නිවේදනයක්

10

අමෙරිකාව තුළ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස සළකන බව නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළා.

 

ඔහු එමගින් චෝදනා කළේ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය වත්මන් ජනාධිපතිවරයා විසින් මෙහෙයවන ලද බවටයි.

මාස දෙකක කාලයක් පුරා ඔහු තම අනුගාමිකයන් නොමග යවා ඇති බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔබාමා සඳහන් කර ඇත්තේ.

මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ලබන 20 දා සිය පාලනය ආරම්භ කරන බව ද ඔබාමාගේ නිවේදනයේ සඳහන්.

Your Comments