සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් තලේබාන් නියෝජිතයන් හමුවීමට සැරසෙයි

33

සිය පාකිස්තාන සංචාරය අතරතුරදී සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වනවා.
වසර 17ක් මුළුල්ලේ ඇෆ්ගනිස්තානයේ පවතින සිවිල් යුද්ධය අවසන් කිරීමේ එක් පියවරක් ලෙස එම හමුව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
පාකිස්තානය ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීමේ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කෙරෙනු ඇති බව සඳහන්.
පසුගිය මාස කිහිපයේදී ම ඇෆ්ගනිස්තානයට සාමය උදා කරදීම සඳහා සාකච්ඡා පැවැති අතර තලේබාන් සංවිධානයේ නියෝජිතයෝ අමෙරිකානු නිලධාරීන් සමඟ ද සාකච්ඡා පවත්වනු ලැබුවා.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට සිය හමුදා සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments