සෞදියෙන් ප්‍රථමවරට තානාපතිවරියක්

29

සෞදි අරාබිය ප්‍රථම වරට තම රට නියෝජනය කරන තානාපතිවරියක් පත්කර තිබෙනවා.

ඒ, අමෙරිකාවේ නව සෞදි තානාපතිනිය ලෙස රීමා බින්ට් බන්දාර් අල් – සවුද් නම් කරමින්.

එය මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයෙන් පසු අපකීර්තියට පත්ව සිටින සෞදි අරාබියේ කීර්තිනාමය ඉහළ නැංවීමේ පියවරක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සෞදි අරාබියේ අමෙරිකානු තානාපතිවරයා වන මොහොමඩ් බින් සල්මාන්ගේ සොහොයුරු කාලිඩ් බින් සල්මාන් වෙනුවට ඇය එම තනතුරට පත්වනු ඇති.

රීමා කුමරියගේ පියාවන බින් සුල්තාන් අල් සවුද්, 1983 සිට 2005 දක්වා ඇමරිකාවේ සෞදි තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

රීමා කුමරියද කුඩා කළ වොෂිංටනයේ ගත කළ අතර, වොෂින්ටන් සරසවියෙන් කෞතුකාගාර අධ්‍යයන පිළිබඳ උපාධියක්ද හිමිකරගනු ලැබුවා.

Your Comments