සෞදියට අමෙරිකානු හමුදා යැවෙයි

22

සෞදි අරාබියට හමුදා කණ්ඩායම් පිටත් කර යැවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කොපමණ භට පිරිසක් එරටට යොමු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

සෞදි අරාබියේ තෙල් කම්හල් කිහිපයක් ඉලක්ක කර පසුගියදා එල්ල වූ ප්‍රහාරය හේතුවෙනුයි අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ.

ප්‍රහාරයේ වගකීම හෝති කැරළිකරුවන් භාර ගෙන ඇතත්, අමෙරිකාව සහ සෞදි අරාබිය අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු බවට චෝදනා එල්ල කරනවා.

Your Comments