සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පාප්වහන්සේගේ දෝෂ දර්ශණයට

8

කොරෝනා වෛරසය හමුවේ සෞඛ්‍ය නිර්දේශ පිලිපැදීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් අති උතුම් ෆෑන්සිස් පාප්වහන්සේගේ විවේචනයට ලක්ව තිබෙනවා.

වතිකානු මාධ්‍ය සඳහන් කළේ දරුණු වසංගතයක් හමුවේ මුඛ ආවරණ පැලදීම ප්‍රතික්ෂේප කරන සහ කොරෝනා වෛරස් සීමාවන්ට විරෝධය දක්වන අය පාප්වහන්සේගේ විවේචනයට ලක් වූ බවයි.

මීට පෙර අවස්ථාවකදී ජනතාව ඉදිරියේ මුඛ ආවරණයක් පැලඳ නොසිටීම හේතුවෙන් පාප්වහන්සේ ද විවේචනයට ලක් වූ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

‘අනාගතයට හොද මාවතක් වෙනුවෙන් අප සිහින දකිමු’ යනුවෙන් පාප්වහන්සේ විසින් රචිත කෘතියේ මෙම අදහස් දක්වා තිබෙනවා.
|
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇතැම් කණ්ඩායම් දුරස්තභාවය රැකගැනීම ප්‍රතික්ෂේප කරමින් සංචරන සීමාවන්ට එරෙහිව පෙලපාලි සංවිධානය කල බවයි.

ඒ ඒ රාජ්‍යයන් විසින් ජනතාවගේ යහපත සඳහා පැනවූ ඇතැම් ක්‍රියා මාර්ග පුද්ගලික නිදහසට යම් ආකාරයකින් බලපාන බවත් එය දේශපාලනික වශයෙන් අර්ථ දැක්වීමටත් ඇතැම් පිරිස් කළ උත්සාහයන් පාප්වහන්සේගේ විසින් සංවාදයට භාජනය කර තිබෙනවා.

Your Comments