සුස්මා ස්වරාජ්ට අවසන් ගෞරව දක්වන්න දහස් ගණනින් ජනතාව පැමිණෙයි

19

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ නායිකාවක වන සුශ්මා ස්වරාජ්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව සදහන්.
ඇයගේ හදිසි මරණය සමස්ත ඉන්දියාව දැඩි කම්පනයකට ලක් කිරීමට හේතුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වුූ සුශ්මා ස්වරාජ්, අධික දියවැඩියා තත්ත්වයෙන් පෙලීම හමුවේ මීට වසර 3 කට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක් වූණා.
මියයන විට ඇය පසු වුණේ 67 වන වියේ යි.
දීර්ඝ කාලයක් ඇය අසනීප තත්වයේ පසු වීම හේතුවෙන් මේ වසරේ පැවති ඉන්දීය ලෝක සභා මැතිවරණයට තරග වැදීමෙන් වැලකුණා.
ඉන් අනතුරුවයි ඇය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයෙන් ඉවත් වුණේ.
සුශ්මා ස්වරාජ්ගේ අභාවය පෞද්ගලික අහිමිවීමක් ලෙස පැවසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ජේදයක අවසානය සනිටුහන් කළ බව යි.
1953 වසරේ හර්යානා ප්‍රාන්තයේ අම්බාලා කාන්ට්හිදී උපත ලැබූ සුශ්මා ස්වරාජ්, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උපාධිය හිමිකර ගෙන තිබෙනවා.
ඇය දේශපාලනයට පිවිසෙන්නේ, 1977 වසරේදී හර්යානා ප්‍රාන්ත මන්ත්‍රීවරියක ලෙසයි.
දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් ප්‍රථම කාන්තාව ද ඇය වනවා.

Your Comments