සුප්‍රකට ගායක එස් පී බාලසුබ්‍රමනියම් මියයයි

36

සුප්‍රකට ගායක එස් පී බාලසුබ්‍රමනියම් මිය ගොස් තිබෙනවා.

ඒ මහතා කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳීම හේතුවෙන් රෝහල් ගත කර සිටියා.

දින ගනනාවක් චෙන්නායිහි රෝහලක හදිසි ප්‍රතිකාර අංශයක ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගොස් ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අගෝස්තු මාසයේ දී ඔහුට කොරෝනා වෛරසය වැළඳි ඇති බවට තහවුරු වුවත් සැප්තැම්බර් 4 වනදා වන විට වෛරසය නොමැති බවට තහවුරු වුණා.

කෙසේ වෙතත් පැවති ස්වසනාබාධයක් හේතුවෙනුයි ඔහු දැඩිසත්කාර ඒකකයේ අඛණ්ඩව ප්‍රතිකාර ලැබුවේ.

එස් පී බාලසුබ්‍රමනියම් වසර 55ක සිය වෘත්තිය ජීවිතයේ දී භාෂා 16කට අධික ප්‍රමාණයකින් ගායනා කර ඇති ගීත ප්‍රමාණය හතළිස් දහසකට අධිකයි.

මිය යන විට එස් පී බාලසුබ්‍රමනියම් 74 වන වියෙහි පසු වූණා.

Your Comments