සිරකරුවන් 200ක් නිරුවතින් පැනයයි

145

සිරකරුවන් 200කට අධික පිරිසක් බන්ධනාගාරයකින් පැනගොස් තිබෙනවා.

ඒ ඊසානදිග උගන්ඩාවේ Moroto බන්ධනාගාරය කඩා බිඳ දමමින්.

ආරක්ෂකයෙකු ඝාතනය කර සිරකරුවන් පලාගොස් ඇත්තේ අසල කඳුකර ප්‍රදේශයකටයි.

බන්ධනාගාරයේ තුවක්කු 15ක් පමණ අස්ථානගතව ඇති බවටයි ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

බන්ධනාගාර නිලධාරීන් හමුදාව හා එක්ව, පැනගිය කණ්ඩායම සොයා මෙහෙයුමක් ආරම්භ කළා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී මියගොස් තිබෙනවා.

රැඳවියන් බන්ධනාගාර නිල ඇඳුම් ගලවා නිරුවතින් පලාගොස් තිබුණා.

වෙඩි හුවමාරුව හේතුවෙන් Moroto නගරයේ ව්‍යාපාර කටයුතු ද නවතා දමා තිබෙනවා.

ගවයන් මංකොල්ලකෑම සහ තුවක්කු හිංසන කටයුතු සිදුවන බවට ප්‍රසිද්ධ ඉතිහාසයක් ඇති කරමෝජා හි විශාලතම නගරය මොරොටෝ වයි.

2000 දශකයේ මුල් භාගයේ රජයේ නිරායුධකරණ වැඩපිළිවෙල හේතුවෙන් තුවක්කු බොහොමයක් සිවිල් වැසියන් විසින් රජයට ලබා දී ඇති බව කම්පාලා නුවර වාර්තා දක්වනවා.

කෙසේ වෙතත් ප්‍රජාවන් අතර ගැටුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

Your Comments