සිංගප්පූරු දේශසීමා මැලේසියාව වසා දමයි

51

සිංගප්පූරුව සමග පවතින දේශසීමා වසා දැමීමට මැලේසියාව තීරණය කර තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සදහා මැලේසියාව දින 14ක කාලයක් සදහා අත්‍යවශ්‍ය නොවන සියලු කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණයත් සමගයි.
මේ වන විට අග්නිදිග ආසියානු රටවලින් වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ලෙස මැලේසියාව සැලකෙන අතර, එරටින් වෛරසය ආසාදිත රෝගීන් 673 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

Your Comments