සැලී නිසා අමෙරිකාවේ ප්‍රාන්ත 3කට හදිසි තත්ත්වයක්

27

සැලී නිවර්තණ සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ඇලබාමා, මිසිසිපි සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවලටයි.

ගල්ෆ් වෙරළ තීරයෙන් අමෙරිකාවට කුණාටුව ඇතුළු වූයේ පැයට කිලෝ මීටර 169ක පමණ වේගයකින්.

ඒ හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළ අඟල් 18ක පමණ වර්ෂාපතනයන් ඇද හැලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදුලි බල සැපයුම ඇණහිටීමෙන් ලක්ෂ පහ මාරක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ද සඳහන්.

Your Comments