ස්පාඤ්ඤයේ මයෝර්කා දූපතේ හදිසි ගංවතුරෙන් 5 දෙනෙක් මරුට

9

ස්පාඤ්ඤයේ මයෝර්කා දූපතට බලපා ඇති හදිසි ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 9 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන් ඇති බව සඳහන්.
අධික වර්ෂාව හේතුවෙන් දූපතේ පිහිටි ගංගාවක වේල්ලක් බිඳියාමෙන් ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.
හෙලිකොප්ටර් යානා 3ක් සහ සැහැල්ලු ගුවන් යානයක් ද මෙහෙයුම් කටයුතු සදහා යොදා ඇති බව සදහන්.

Your Comments