සඳ මත පා තබා වසර 50යි

22

මිනිසා සඳ මත පා තබා අදට වසර 50ක් සපිරෙනවා.

නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ගගනගාමීන් ඇපලෝ 11 යානයෙන් සඳ මත ගොඩබස්වනු ලැබුවේ 1969 වසරේ ජූලි 20 වන දිනයි

එම පියවරත් සමග සාර්ථකව සඳ තරණය කළ පළමු රට බවට අමෙරිකාව ඉතිහාස ගත වුණා.

සඳ මත පා තබා වසර 50ක් සපිරීම නිමිත්තෙන් විවිධ සැමරුම් වැඩසටහන් සංවිධාන කර ඇති අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇපලෝ 11 යානයේ සිටි ගගනගාමීන් කිහිප දෙනෙකු අතර හමුවක් ද ඊයේ සිදුව තිබෙනවා.

‘ඇපලෝ 11’ මෙහෙයුමට එක් වුණු වීරයන් තිදෙනාගෙන් අද ජීවතුන් අතර සිටින්නේ Edwin Aldrin සහ Michael Collins පමණි.

2012 අගෝස්තු 25 වැනිදා නීල් ආම්ස්ට්‍රෝං දිවියෙන් සමුගත්තා.

 

Your Comments