සගස්ති – පේරු අන්තර්වාර ජනපති ධුරයට

18

පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ෆ්‍රැන්සිස්කෝ සගස්ති දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව ඔහු ලබන වසරේ ජූලි මාසය දක්වා ජනාධිපතිධුරයේ කටයුතු කරනු ඇති.
එළඹෙන අප්‍රේල් 11 වනදා එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.
මීට පෙර ජනාධිපතිධූරයේ කටයුතු කරනු ලැබුවේ මාර්ටින් විස්කාරා විසින්.
පසුගිය 9 වනදා දෝෂාභියෝගයකින් පරාජයට පත්වීම හේතුවෙන් ඔහු සිය ධුරය හැරගියා.
අනතුරුව ජනාධිපතිධුරයට තේරී පත්වු මැනුවෙල් මෙරීනෝ දින 5කින් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් අනතුරුවයි ඉංජිනේරුවෙකු මෙන්ම හිටපු ලෝක බැංකු නිලධාරියෙකු ද වන 76 හැවිරිදි සගස්ති ජනාධිපතිධුරයට තේරී පත්වුණේ.

Your Comments