සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ඒන්නත් ලබා දීම සඳහා මැදිහත්වන්න

9

අතිරික්ත එන්නත් මාත්‍රාවන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබා දීමට කැපවන ලෙස ලොව දියුණු රටවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉල්ලීමක් කර තිබෙනවා.

 

ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

මිලියන 2ක ජන ජීවිත මේ වන විට කොරෝනා වෛසරය හේතුවෙන් අහිමි වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ඒන්නත් ලබා දීම සඳහා මැදිහත්වීමට ලොව දියුණු රටවලට විශේෂ වගකීමක් ඇති බව ඔහු එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොකළහොත් එන්නත් කරනය මගින් දියුණු රටවල් වෛසරය පරාජය කළ ද ගෝලීය වශයෙන් එය පරාජය කිරීම ප්‍රමාද වන බවයි ගුටරේස්ට් පෙන්වා දෙන්නේ.

Your Comments