සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ට්‍රම්ප් අත්සන් තබයි

51

සිය සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා වන විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් අත්සන් තබා තිබෙනවා.

අමෙරිකාවේ ඇතැම් පිරිස් මෙන්ම ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ ඩොනල්ඞ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සංක්‍රමණිකයින්ගේ දරුවන් එම පවුල්වලින් වෙන් කර තැබීම මෙන්ම ඔවුන් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර තීරණය කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වුව ද ඩොනල්ට් ට්‍රම්ප් පැවසුවේ අමෙරිකාව සංක්‍රමණිකයින්ගේ කඳවුරක් නොවන බවටයි.

නීතිවිරෝධි සංක්‍රමණ වැලැක්වීමේ අමෙරිකානු ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය සති 6ක කාලය තුළ පවුල් 2,000 ක් පමණ බෙදී වෙන්ව ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ද කියා සිටියේ සංක්‍රමණික දරුවන් සිය දෙමාපියන්ගෙන්වෙන් කිරීම කිසි සේත් අනුමත කළ නොහැකි බවයි.

Your Comments