වොෂින්ටනය කැළඹෙයි – සිව් දෙනෙකු මරුට – ට්‍රම්ප්ගේ සමාජ ජාලා දෙකක් අවහිර කරයි

17

අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේ දී සිද්ධියෙන් මිය ගිය ගණන සිව් දෙනෙකු දක්වා ඉහළ ගියා.

 

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඉන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළවයි.

විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

එරට තීරණාත්ම සෙනට් ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර තුර දී ජනාධිපතිරණයෙන් පරාජය වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජය ප්‍රතික්ෂේප කරමින් පාක්ෂිකයන් වොෂින්ටන් නුවරට රැස් වීමත් සමගයි මෙම කලහාකාරී තත්ත්වය හට ගත්තේ.

මේ අතර අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල දෙකකට අදාළව ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ට්විටර් සමාගම විසින් ඉදිරි පැය 12ක කාලයක් සඳහා ද ෆෙස්බුක් සමාගම ඉදිරි පැය 24 ක කාලය සඳහා ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් අවලංගු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට පළකරන ලද ට්විටර් සටහන් කිහිපයක්ම ඔහුගේ ගිණුමෙන් මකා දැමීමට එම සමාගම විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා රට පාලනය කිරිමට තරම් සුදුසු මානසිකත්වයක නොමැති බව පවසමින් ඔහු ධුරයෙන් නෙරපා හැරිමට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අතර මේ වන විට සාකච්ජා ආරම්භ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

 

Your Comments