වොෂිංටන්හි හදිසි ජලගැලීම් තත්ත්වයක්

28

ඇමෙරිකාවේ වොෂිංටන් අගනුවරට හදිසි ජලගැලිම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ වොෂිංටන් වේලාවෙන් ඊයේ උදෑසන ඇද හැලුණු වාර්ථාගත වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආලින්ටන් , වර්ජිනියා ඇතුළු ප්‍රදේශවලටද මිලිමීටර් 127 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග රැසක් සහ උමං දුම්රිය මාර්ගද ජලයෙන් යටවී ඇතැයි සදහන්.

Your Comments