වසර දෙකකින් කොරෝනා තුරන් කළ හැකි බවට අපේක්ෂාවක්

55

වසර දෙකක පමණ කාලයක් තුළ කොරෝනා වසංගතය අවසන් වනු ඇති බවට අපේක්ෂා කරන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් (Tedros Adhanom Ghebreyesus), ජිනීවා හිදී අදහස් දක්වමින් සඳහන් කළේ 1918 දී පැතිරී යාම ආරම්භ වූ ස්පාඥ්ඥ උණ වසංගතය අවසන් වීමට ද වසර දෙකක කාලයක් ගත වූ බවයි.

කෙසේ වෙතත් වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුව හේතුවෙන් කොරෝනා වසංගත තත්ත්වය කඩිනමින් තුරන් කිරීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව අට ලක්ෂයකට අධිකයි.

වෛසරය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 23 ඉක්මවා ගොස් තිබෙනවා.

Your Comments