වසර දෙකකට පසුව බැග්ඩෑඩ්යට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

6

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර කාර්යබහුල වෙළදපොලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ද්විත්ව බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

 

ප්‍රහාරයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් 73 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

පළමු බෝම්බකරු වෙළදපොළට ඇතුලු වී තමන් අසනීප තත්ත්වයෙන් පසු වන බවට පවසා උපකාර ඉල්ලීමත් සමග බොහෝ පිරිසක් ඔහු වටා රැස් වු අවස්ථාවේ පිපිරීම සිදුව තිබුණා.

දෙවන බෝම්බකරු යතුරුපැදියකින් පැමිණ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

වසර දෙකකට ආසන්න කාලයක් තුළ බැග්ඩෑඩ් අගනුවර සිදු වු පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ප්‍රහාරයේ වගකිම මේ වන තෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර එරට ආරක්ෂක අංශ පවසන්නේ එය කලෙක පටන් ඉරාකය තුළ ක්‍රියාත්මක ආගමික අන්තවාදී ප්‍රහාරයක් විය හැකි බවයි.

 

 

Your Comments