ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දන්වයි

25

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබෙනවා.
ඔහුගේ අදාළ තීරණය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයටද දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීනයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කර සිටියා.
ඒ හේතුවෙන් ඔවුන්ට ලබාදෙන වාර්ෂික ප්‍රතිපාදන කපා හරින බවයි ඩොනල්ඞ් ට්‍රම්ප් සදහන් කර තිබුණේ.

Your Comments