ලෝක බලවතුන් දුරකතන සංවාදයක

9

ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

 

ජනපති බයිඩ්න් ධුරයේ දිවුරුම් දීමෙන් පසු නායකයන් දෙදෙනා අතර සිදුවූ ප්‍රථම සංවාදය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර, සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය ප්‍රකාශ කළා.

ලෝක කාලගුණ වෙනස අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනපති බයිඩ්න් සහ අගමැති බොරිස් ජොන්සන් අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර නව නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳව ද අදහස් හුවමාරු වූ බව සඳහන්.

මේ අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කළ දැඩි මර්දනකාරී සංක්‍රමණික ප්‍රතිපත්තිය වෙනුවට නව නීත්‍යානුකූල ප්‍රවේශයක් ලබාදීමට ජනපති ජෝ බයිඩ්න් ප්‍රතිඥා දී ඇති බව වාර්තා වනවා.

ඒ, මෙක්සිකෝ ජනාධිපති මනුවෙල් ලෝපෙස් සමඟ දුරකතන සංවාදයක නිරත වෙමින්.

මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල නොවන ලෙස ජීවත් වන මිලියන 11ක් පමණ වූ සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාදීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට ද ජෝ බයිඩ්න් පරිපාලනය සූදානම් වන බව සඳහන්.

Your Comments