ලෝක බලවතා දිවුරන්න තවත් හෝරා කිහිපයයි

7

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවයට පැය කිහිපයක් තිබියදී ජෝ බයිඩ්න් කොවිඩ් ආසාදිත වී මිය ගිය අමෙරිකානුවන් සිහිපත් කිරීමේ අවස්ථාවකට සහභාගී වුණා.

ගුවන් මඟින් වොෂිංටන් අගනුවරට පැමිණි බයිඩ්න්, ඔවුන්ට සිය ගෞරවය පුද කළේ ලින්කන් චතුරඝ්‍රයේ විදුලි පහන් 400ක් ද ආලෝකවත් කරමින්.

බයිඩ්න් සිය බිරිඳ සමඟ පදිංචිව සිටි ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් වොෂිංටන් අගනුවර බලා පැමිණීමට පෙර එම ප්‍රාන්තයේ ජනතාව ද ආමන්ත්‍රණය කළා.

තම ජන්ම ප්‍රාන්තයට සමුදීම සම්බන්ධයෙන් ජෝ බයිඩ්න් අවස්ථා කිහිපයකදී සංවේදී වූ ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

2017 ජනපති පදවි ප්‍රාප්ති උත්සවයේ සැලසුමට හාත්පසින් වෙනස් ආකාරයටකට මෙවර දිවුරුම් දීමේ උත්සවය සංවිධාන කර ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන්.

මේ අතර ඇමරිකාව තමන්ට බොහෝ දේ ලබාදුන් බව වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ නව පරිපාලනය සඳහා බලය පවරා පිටව යන්නේ ප්‍රීතියෙන් බවයි.

නව ජනාධිපතිවරයා මෙරට වේලාවෙන් රාත්‍රීී 10ට පමණ දිවුරුම්දීමට නියමිතයි.

උප ජනාධිපති ලෙස දිවුරම් දෙන්නේ ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිස්.

 

Your Comments