ලෝක ජනගහනයෙන් සියයට 30 ක් චීන නව අධිරාජ්‍යයට යටත් වෙයි

49

චීනය ලොව රටවල් 14 ක් සමග නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

වසර 10 කට ආසන්න කාලයක් එම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාරතා කළේ.

එමගින් චීනය ඇතුළු රටවල් 15 ක බිලියන 2යි දශම 2 ක ජනතාවක් එනම් ලෝක ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසකට පහසුකම් සැළසෙනු ඇති.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම මගින් ගෝලීය ආාර්ථිකයේ සියයට 28ක පමණ කොටසක් හිමිකරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයට අමතරව කලාපීය වශයෙන් විශාල ආර්ථිකයන් හිමි ජපානය සහ දකුණු කොරියාව ද මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ආසියාතික රටවල් වන ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය සහ තායිලන්තය ද මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්.

නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව ද මෙම ගිවිසුමේ හවුල්කරුවන් වීම ද විශේෂත්වයක්.

මෙම නිදහස් වෙළඳ ගිවිසුමට අයත් කළාපයේ වෙළඳාම් කරන භාණ්ඩවලින් සියයට 65 ක තීරුබදු සහ කෝටා ඉවත් වනවා.

Your Comments