ලෝක කාලගුණ වෙනස තිරසාරභාවයට ප්‍රබලතම අභියෝගය බව ජගත් මහලේකම් කියයි

12

ලෝක කාලගුණ වෙනස තිරසාර භාවයට ප්‍රබලතම අභියෝගය වන බව ජගත් මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.
එහි බලපෑමක් ලෙස සාගර ජල මට්ටම් ඉහළ යාමෙන් ජපානය, චීනය, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල් රැසක් වැඩි අවදානමකට ලක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බැංකොක් නුවර ආසියාන් සමුළුවට එක්වෙමින් ජගත් මහලේකම්වරයා කියා සිටියේ අග්නිදිග ආසියාව එමගින් වැඩිම අවදානමකට ලක්වන කලාපය වන බවයි
තායිලන්තයේ ජන ගහනයෙන් සියයට 10කට ඒ හේතුවෙන් වාසස්ථාන අහිමි වන බව ද ඔහු සදහන් කලා.

Your Comments