ලොව විශාලතම කොරෝනා එන්නත් වැඩසටහන ඉන්දියාවෙන්

12

ලොව විශාලතම කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව අද ආරම්භ කළා.

 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඇරඹි වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටි 3ක ජනතාවට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පූනේ හි සේරම් ආයතනයේ නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් ලෙස හඳුන්වන බි‍්‍රතාන්‍ය ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන්ම භාරත් බයෝටෙක් එන්නත ද මෙහිදී ලබාදීමට නියමිතයි.

මේ අතර සියලු සංචාරක දේශසීමා වසා දැමීමට බි‍්‍රතාන්‍යය තීරණය කර තිබෙනවා.
අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ මෙතෙක් හඳුනා නොගත් නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බවයි.

ඒ අනුව නව රෙගුලාසි අනිද්දා සිට පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
දකුණු අමෙරිකා සහ පෘතුගාල සංචාරකයන් ට බි‍්‍රතාන්‍යය විසින් මීට පෙර තහනමක් පනවා තිබුනා.

ඒ, බ්‍රසීලයෙන් සොයාගෙන ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදයද බි‍්‍රතාන්‍යයට ඇතුළුවීමේ අවදානම හේතුවෙන්.

Your Comments