ලොව පුරා මිලියන 821 ක් සාගින්නේ

11

ලොව පුරා මිලියන 821ක් ජනතාව පසුගිය වසරේදී සාගින්නෙන් පීඩා විදි බව ජගත් සංවිධාන නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සාගින්නෙන් පීඩා විදින ලෝක ජන කොටස අඛණ්ඩව වර්ධනය වූ තුන් වන වසර මෙයයි.

ලෝක කාලගුණ වෙනස සහ යුද්ධය ඊට ප්‍රධාන හේතුව බව සදහන්.
වසර ගණනාවක් තිස්සේ අඩුවෙමින් පැවති මන්දපෝෂණය 2015 වසරේ සිට නැවතත් ඉහළ යමින් පවතින බව එම වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

අප්‍රිකාවේ ජනගහනයෙන් සියයට 20ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර ආසියාකරයේ සියයට 12ක් සහ ලතින් ඇමරිකානු හා කැරිබියානු කලාපයේ සියයට 7ක් මන්දපෝෂණයට ගොදුරු ඇති බව සදහන්.

මෙම තත්ත්වය යටතේ වසර 2030 වන විට ලෝකයෙන් සාගින්න තුරන් කිරීම සඳහා වූ තිරසර සංවර්ධන ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තාව පෙන්වා දෙන්නේ.

Your Comments