ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි හැට හතර ලක්ෂය ඉක්මවයි

25

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,64,37,972 ඉක්මවා තිබෙනවා.
වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ද 1,00,61,010 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 6,52,556ක්.
ගතවූ පැය 24 තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 55,567 ක්.
එරට මුළු ආසාදිත සංඛ්‍යාව 43,71,839 දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,49,849ක් ලෙසයි.
මේ අතර ඉන්දියාවෙන්ද ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 50,525 ක් වාර්තාවීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 14,40,371 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Your Comments