ලෙකීමා විසි දෙදෙනෙකු මරා දමයි (PHOTOs)

29

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අධික වර්ෂාව සමග සිදු වූ නායයාම් හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුණාටුව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් ද හට ගෙන ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් තවත් පුද්ගලයින් මිලියනයක් පමණ ආරක්ෂිත ස්ථානකරා යොමු කෙරුණා.

මේ අතර, ඉන්දියාවට ද බලපා ඇති අධික වැසි සහිත ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 95 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කේරළ ප්‍රාන්තයෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්ථා වී ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. 

 

Your Comments