ලයිබීරියානු අගනුවර ආසන්නයේ පාසල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 23ක් මරුට

7

ලයිබීරියානු අගනුවර වන මෙන්රෝවියා නගරයට ආසන්න තදාසන්න ප්‍රදේශයක පාසල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් ළමුන් 23 දෙනෙකුවත් මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

ගින්න උදෑසන කාලයේ හට ගන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර අනතුරට පත් ළමුන් එහි පිහිටි පල්ලියක් අසල ගොඩනැගිල්ලක නිදාගෙන සිට ඇති බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරන්නේ.

එරට පොලිසිය පවසන්නේ ඔවුන් මේ වන විටත් අනතුරෙන් ජීවිතක්ෂයට පත් ළමුන්ගේ සිරුරු සොයමින් සිටින බවයි.

එරට ජනාධිපති ජෝර්ජ් වේහ් ද ට්විටර් සටහනක් තබා තම ශෝකය පළ කර තිබුණේ මෙලෙසින්.

 

 

Your Comments