ලන්ඩන් පාලමේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

13

කළු සිකුරාදා සුප්‍රකට ලන්ඩන් පාලම මත සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිය අනුගාමිකයෙකු විසින් සිදුකරන ලද බව අයි.එස්. සංවිධානය නිවේදනය කර තිබෙනවා.

ඔවුන් සිය අල් අමාක් ප්‍රවෘත්ති සේවය ඔස්සේ එලෙස ප්‍රකාශ කළ ද ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කර නැහැ.

තම සංවිධානයට එරෙහිව සටන් වදින රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙස සිදුකළ ඉල්ලීම මත උස්මාන් ඛාන් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ.

28 හැවිරිදි උස්මාන් ඛාන්, ලන්ඩන් පාලම මත එල්ල කළ පිහි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනෙකු තුවාල ලැබුවා.

පසුව ඔහුද පොලිස් වෙඩි පහරින් මිය ගියා.

Your Comments