ලන්ඩන් ප්‍රහාරකයා ත්‍රස්තවාදියෙකු ලෙස හදුනා ගැනෙයි

13

ලන්ඩන් නුවරදී ඊයේ පුද්ගලයෙකු සිදුකළ පිහි ඇණුම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන බව එරට පොලීසිය පවසනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ත්‍රස්ත චෝදනා මත මීට පෙර සිරදඩුවම් ලැබූ පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු 28 හැවිරිදි උස්මාන්ඛාන් නැමති පුද්ගලයෙක්.

කෙසේ වෙතත් ඊයේ සිදුකළ පිහි ඇණුම අතරවාරයේදි ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මිය ගියා.

පිහි ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදනෙකු ද මිය ගොස් ඇති බව සඳහන්.

Your Comments