ලන්ඩනයේ පස් දෙනෙකුගෙන් එක් අයෙකු ට කොරෝනා

63

එංගලන්තයේ ලන්ඩන් නුවර පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ට අනාවරණ වී තිබෙනවා.

සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කර ඇත්තේ ජනගහනයෙන් නියැදියක් පරික්ෂාවකට ලක් කොට ලබා ගත් විමර්ශන තොරතුරු මත නිගමනයට එළඹි බවයි.

ඒ අනුව ලන්ඩනයේ පුරවැසියන්ගෙන් 17%කට වෛරසය ආසාදනය වී ඇති බවටයි පැවසෙන්නේ.

අප්‍රේල් අග සහ මැයි මස මුලදී පරීක්ෂණ 1,000ක් පමණ ක්‍රියාත්මක කොට තිබෙනවා.

මේ අතර ලන්ඩනයේ කොරෝනා මරණ අනුපාතය වාර්තාවන්නේ සියයට 0.62 ක් ලෙසයි.

Your Comments