රුසියානු ජනපති සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් අතර සාකච්ඡාවක්

13

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ දෙපාර්ශ්වය අතර පවතින විවිධ මතභේදය ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
එහි දී රුසියානු ජනාධිපති ව්ලැඞ්මියර් පුටින් අවධාරණය කළේ දෙරටේ සබඳතා ඉහළ නංවා ගැනීමට ජනපති ඩොනල්ට් ට්‍රම්ප්ට ද අවශ්‍ය බව තමන්ට ද හැගෙන බවයි.
2016 වසරේ ජනාධිපතිවරණයේදී ඩොනල්ට් ට්‍රම්ප් රුසියාවේ සහය නොගත් බව ඊට අදාළ පරීක්ෂණයෙන් හෙලි වු පසු මෙම සහයෝගිතාවය උදා වු බවද රුසියානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

Your Comments