රුසියානු ආණ්ඩුව ඉල්ලා අස් වෙයි

34

රුසියානු ආණ්ඩුව ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් තම බලය තවදුරටත් රැක ගැනීමේ අරමුණ ඇතිව ඉදිරිපත් කළ නව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යෝජනා හේතුවෙන්.

ජනාධිපතිවරයා යෝජනාව ඉදිරිපත් කර පැය කිහිපයක් ඇතුළත එරට ආණ්ඩුව ඉල්ලා අස්වීම විශේෂත්වයක්.

ඒ බව ප්‍රකාශයට පත් කළේ අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් විසින්.

ජනාධිපතිවරයාගේ නව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යෝජනා සාර්ථක කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, එරට ආණ්ඩුව ඉල්ලා අස් වීම පිළිබද කිසිදු අමාත්‍යවරයෙකු දැන නොසිටි බව බී බී සී ලෝක සේවය වාර්තා කළා.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සිව්වන නිල කාලය 2024 වසරේ දී අවසන් වීමට නියමිතයි.

ඉන් අනතුරුව ද ඔහු තම බලය රැක ගැනීමේ අරමුණින් මෙම නව යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් හිස් වූ අගමැතිධුරය වෙනුවෙන් එරට බදු සේවාවේ ප්‍රධානි Mikhail Mishustin පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

Your Comments