රාත්‍රී ඇඳිරිනීතියෙන් ප්‍රංශයේ මතභේදයක්

22

ප්‍රංශයේ පැරිස් ඇතුළු තවත් ප්‍රධාන නගර 8කට පනවා ඇති රාත්‍රී ඇඳිරිනීතිය හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කොවිඩ් පාලනය සඳහා ඇඳිරිනීතිය පැනවු බවයි රජය සඳහන් කළේ.

කෙසේ වෙතත් අවන්හල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රාත්‍රී ඇඳිරිනීති තත්ත්වය හේතුවෙන් දැඩි පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඉල්ලීමක් කර ඇත්තේ ව්‍යාපාර කෙරෙහි බලපෑමක් ඇති කළ ද ජනතාව හමුවේ පවතින වසංගත තත්ත්වය පාලනය සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි.

Your Comments