රසායනික ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් ෆේස්බුක් කැලිෆෝනියා මෙන්ලෝපාක් ගොඩනැගිල්ලෙන් සේවකයන් ඉවතට

11

රසායනික ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් හේතුවෙන් කැලිෆෝනියාහි පිහිටි ෆෙස්බුක් සමාගමේ මෙන්ලෝපාක් ගොඩනැගිලි සංකීර්ණයේ සේවකයින් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබෙනවා.

විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් අඩංගු පාර්සලයක් අදාළ ගොඩනැගිලි සංකීර්ණයට යොමුකර ඇති බවට ලද තොරතුරක් මත ෆෙස්බුක් සමාගම විසින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඒ අනුව ගොඩනැගිලි 03ක සිටි සේවකයින් කඩිනමින් ඉවත් කිරීමට පියවර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

Your Comments