රජ පවුලෙන් සිදු වූ හිරිහැර ගැන මේගන් හෙලිකරයි

31

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් එල්ලවූ ඇතැම් පීඩා හේතුවෙන් තමාට සියදිවි නසා ගැනීමට ද සිතුණු බව හැරී කුමරුන්ගේ බිරිඳ වන මේගන් මාර්කල් පවසනවා.

රජ පවුලෙන් ඉවත්වීමත් සමග ආරක්ෂාව ඉවත් කිරීම තමන් දෙදෙනා මුහුණදුන් ප්‍රධාන ගැටලුවක් වූ බවයි ඔවුන් සඳහන් කළේ.

අමෙරිකානු රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වන ඕප්රා වින්ෆ්‍රි මෙහෙයවන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් හැරී කුමරු සහ මේගන් මාර්කල් මෙම අදහස් පළකළා.

ආරක්ෂාව පතා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වීමට තීරණය කල බවයි මේගන් එහිදී සඳහන් කළේ.

එමෙන්ම තම පියා වූ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් සිය දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව හැරී කුමරුන් එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කළා.

සිය පළමු බිළිඳා වූ ආර්චි කුමරුන්ට රාජකීය තත්වය නොදීමට රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් ගත් තීරණය අතිශය වේදනාකාරී අත්දැකීමක් වූ බවයි හැරී – මේගන් යුවල එහිදී පවසා ඇත්තේ.

Your Comments